මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන තරංගොඩගේ චාමර සඳරුවන් (කුඩු රොෂාන්) නැමැත්තා බොරුල්ලදී තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙකු නිතිඥවරු මාර්ගයෙන් අධිකරණයට බාර වී තිබේ.
ඔවුහු ඊයේ අධිකරණයට බාර වී ඇති අතර ඔවුන් බෙරැල්ලේ පදිංචි පුද්ගලයෝ වෙති. සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එළැඹෙන 22දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.