මෙරට ප්‍රධානියා අහමඩ් සබීර් තාජුඩීන්
කටුගස්තොට ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබී සොයාගත් හෙරොයින් කිලෝග්‍රෑම් 59 ක් සමග මෙරටට කුඩු එවන තුන්වැනි ජාවාරම්කරුවෙකු පිළිබඳව තොරතුරු හෙළිවෙමින් තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
විදේශ රටවල සිට මෙරටට හෙරොයින් එවීමේ ජාවාරමේ නිරත වූයේ වෙලේ සුදා සහ සිද්ධික් මොහොමඩ් නමැත්තා විසින් බවත්, එහෙත් කටුගස්තොටදී අසුවූ කුඩු තොගය මෙරටට එවා තිබෙන්නේ වෙනත් පාර්ශ්වයක් විසින් බවට තොරතුරු හෙළි වී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
තුන්වැනි පාර්ශ්වයේ මෙරට ප්‍රධානියා අහමඩ් සබීර් තාජුඩීන් නමැත්තෙකු බවත්, කටුගස්තොට හෙරොයින් තොගය සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්ව තිබෙන බවත්, ඔහු සමග මොහොමඩ් මුනාස් නමැත්තෙකුද අත්අඩංගුවට ගත් බවද ඔහු පවසා සිටියේය.