කුඩා තේ වතු හිමියන්ට සහනයක් සැලසීමේ අරමුණින් තේ අලෙවි මණ්ඩලය හරහා ඔවුන්ගේ තේ දලු මිලදී ගැනීමට තීරණය කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. රජය මගින් තේ කිලෝවකට රුපියල් 80 ක් ලබාදීමේ සහනය ඉදිරි මාස තුනක් දක්වා ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය තීරණය කළ බවද අමාත්‍යවරයා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ අද (01දා) පැවැති මාධ්‍ය හමුවකදීය.