නිමි තේ කිලෝවක් රුපියල් 300ත් 30,000ත් අතර මිලකට ලෝක වෙළෙඳ පොළ තුළ අලෙවි වෙමින් තිබියදී කුඩා තේ වතු හිමියන්ගේ අමු තේ දලු කිලෝවකට ලබාදෙන මුදල රුපියල් 47 - 53 අතර මුදලක් දක්වා මේ වනවිට පහළ වැටී තිබෙන බව කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය කාලයේදී අමු තේ දළු කිලෝවක ගැනුම් මිල රුපියල් 65ත් 70ත් අතර අගයක් ගෙන තිබූ නමුත් මේ වන විට ශීඝ්‍රයන් අමු දළු කිලෝවක මිල පහත වැටී තිබෙන බවද එම සංගමයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා සඳහන් කළේය.
සමස්තයක් ලෙස උඩරට, පහතරට කුඩා තේ වතු හිමියෙකුට තේ දළු කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 60ක මුදලක් වියදම් වන බවට රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබෙන බවද පවසා සිටියේය.
එහෙත් බදුල්ල ප්‍රදේශයේ අමු තේ දළු කිලෝවක මිල රුපියල් 47ත් 53ත් අතර මිලකට පහත වැටී තිබෙන බවත් රත්නපුර, බලංගොඩ ප්‍ර‘දේශයේදී කිලෝවක මිලදී ගැනුම් මිල රුපියල් 50ත් 53ත්, දෙනියාය අකුරැස්ස කනකේ ප්‍රදේශවල අමු තේ දළු කිලෝවක ගැනුම් මිල රුපියල් 51-53 ත් අතර මුදලක් දක්වා පහත වැටී තිබෙන බවත් ලාල් ප්‍රේමනාත් මහතා කියා සිටියේය.