කුඩා කාමරයක සිරවී සිටි මවක් මුදා ගනියි
මීටියාගොඩ, දිද්දැලියේ නිවසක 71 හැවිරිදි දෙදරු මවක පැරණි නාන කාමරයක සිරකර සිටියදී සොයාගත් බව මීටියාගොඩ පොලීසිය සඳහන් කරයි.
මෙසේ සිරකොට සිට ඇත්තේ රණසිංහ ආරච්චිගේ කරුණාවතී නමැති කාන්තාවකි.
මෙම මවගේ වැඩිමහල් දියණිය විදේශ රටක සේවය කරන අතර, ඇගේ සැමියා හා දියණියන් දෙදෙනා භාරයෙහි රෝගී වියපත් මව ජීවත්ව ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
මෙම මහලු මව කාලයක සිට මානසික රෝගයකින් පෙළෙන බවත්, ඒ සඳහා ප්රතිකාරද ලබාගෙන ඇති බවත් නිවැසියන් වෛද්‍ය වාර්තාද පෙන්වමින් පවසා ඇත. ඇය මෙලෙස සිරකර තබා ගැනීමට හේතුව නිදහසේ සිටීමට ඉඩහැරීමෙන් ඉබාගාතේ යාම බවද නිවැසියන් පොලීසියට පවසා ඇත.
රෝගී තත්ත්වය හේතුවෙන් මහලු මවට අවශ්‍ය ආහාර, බේත්හේත් වර්ග නිසි වේලාවට ලබාදීමට මිණිබිරියන් කටයුතු කරන බවද ඔවුහු පවසා සිටිති. නමුත් පොලීසිය සඳහන් කරන්නේ පොලීසිය නිවසට පැමිණෙන විටද රෝගී වියපත් මව ඇඳ සිටි ඇඳුම් මළ මුත්‍රාවලින් අපවිත්‍ර කරගෙන තිබූ බවයි.
පොලිස් භාරයට පත් රෝගී මව වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර පසුව අධිකරණයට ඉදිරිපත් කරන බව මීටියාගොඩ පොලීසිය සඳහන් කරයි.
.jpg)
.jpg)
ඇත්කඳුරේ ජනත් ද සිල්වා/ හිනිඳුම රවීන්ද්‍ර ශ්‍රීලාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

