මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මුදල් ඔට්ටුවට කුකුලන් කෙටවීමේ සහ බූරු ගැසීමේ සූදු පොළක් වටලා පොර කුකුළන් අටක් සහ පුද්ගලයන් 14 දෙනෙකු බිංගිරිය වැල්ලනාව ප්රදේශයේදී ඊයේ (06 දා) සවස අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
වැටලීම සිදුකළ අවස්ථාවේ එම සූදු පොලෙහි සිටි 200 කට වැඩි පිරිසක් පලා ගිය බවත්, මෙම සූදු පොළ පවත්වාගෙන ගිය පුද්ගලයාද එහිදී පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි.
කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරකට අනුව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මෙම සූදුපොළ වැටලූ බවද පොලීසිය පවසයි.
පන්නල හේමලතා