කීත් නොයාර් පැහැර ගැනීම පිළිබඳ කතානායක ප්‍රකාශය සිකුරාදා
කථානායක කරු ජයසූරිය මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ලබන සිකුරාදා (18දා) පස්වරු 6.30ට පාර්ලිමේන්තුවට පැමිණෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කථානායක කරු ජයසූරිය මහතාට දැනුම්දී තිබේ.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන්කරගැනීම සඳහා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කථානායක ජයසූරිය මහතා හමුවීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍ය බව කථානායක කරු ජයසූරිය මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (15දා) දැනුම්දී ඇති අතර, කරු ජයසූරිය මහතා අද (16දා) මේ සඳහා වේලාවක් ඔවුන්ට ලබාදී ඇත.
එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කරු ජයසූරිය මහතා විසින් කීත් නොයාර් පැහැරගැනීමේ සිදුවීම පිළිබඳ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුලින්ම දැනුම්දී තිබේ.
කීත් නොයාර් පැහැරගැනීමේ සිදුවීම කරු ජයසූරිය මහතාට දැනගැනීමට හැකිවූයේ කෙසේද යන්න පිළිබඳවත්, තවත් සිදුවීම් කිහිපයක් පිළිබඳවත් දැනගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව ඇති අතර, ඒ අනුව මෙම ප්‍රකාශ සටහන්කරගැනීම සිදුවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


