යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් වළදමා ඇති කිළිනොච්චිය කනකපුරම්හි මහ විරු සොහොන ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම් කිරීමට කිළිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාව විසින් තීරණය කර ඇත.
පසුගිය නොවැම්බර් 27 වැනිදා මහවිරු දිනය සැමරීම නිමිත්තෙන් කිළිනොච්චිය දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතාගේ විමධ්‍යගත අරමුදල යටත් රුපියල් ලක්ෂ 40ක වියදමින් මහවිරු සොහොන ප්‍රතිසංස්කරණය ඇරඹූ අතර, එම මුදල් වෙන් කරවාගෙන ඇත්තේ අදාළ කනකපුරම් මහවිරු සොහොන උද්භිද උද්‍යානයක් වශයෙන් පිළිසකර කිරීමට බව කරච්චි ප්‍රාදේශීය සභාව පවසයි.
නමුත් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු නවතා මන්ත්‍රීවරයෙකුට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිත කර එල්.ටී.ටී.ඊ සංවිධානයේ සොහොන් බිමක් පිළිසකර කිරීම පිළිබඳ අග්‍රාමත්‍යවරයා විසින් වාර්තාවක් කැඳවීමත් සමග එය උද්භිද උද්‍යානයක් ලෙස නම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.