මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු පක්ෂයක් තම ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් ත්‍රිරෝද රථ කර්මාන්තය සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කර නැතැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, නාරාහේන්පිට අද (28දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
කොළඹ නගරය තුළින් ත්‍රිරෝද රථ ඉවත් කිරීමේ යෝජනාවක් කරළියට පැමිණ ඇති බවත්, සියලුම පක්ෂ මේ පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලිවම ප්‍රකාශ කළ යුතු බවත්සභාපතිවරයාසඳහන් කළේය.
ත්‍රිරෝද රථ නොමැති %යළි පුබුදමු ශ්‍රී ලංකා^ ප්රකාශනය ඉදිරිපත් කරන ලද පක්ෂය මෙවර මැතිවරණයේදී පස් වැදෑරුම් යෝජනා තුළද ත්රිරෝදරථ කර්මාන්තය පිළිබඳව යෝජනා ඉදිරිපත් කර නැතැයිද හෙතෙම පැවසීය.
ලක්ෂ 06කට අධික පිරිසක් ඍජුවම තම ජීවනෝපාය ලෙස ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන සේවයේ යෙදෙන අතර, ලක්ෂ30 කට අධික පිරිසක් මෙම කර්මාන්තයට සම්බන්ධ වන බවත්, මේ පිළිබඳව සියලුම පක්ෂ තම අවධානය යොමුකළ යුතුබව ධර්මසේකර මහතා වැඩිදුරටත් පැවසීය.