මේවන විට ජලාශ සියල්ලක්ම පාහේ 80% ක මට්ටමකට ජලයෙන් පිරිලා තිබෙන බැවින් ඉදිරියේදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුනොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. රටම එළියයි අඳුර දුරලයි , වැඩසටහනට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුලියනය 100% ක් බවට පත්කර අවසන් බව සනිටුහන් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේබව කීය. මෙහිදී අමාත්‍ය සියඹලාපිටිය මහතා විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව, මැදගම ග්‍රාමයේ නිවසකට විදුලිය සම්බන්ධතාව ලබාදෙමින්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුලියනය 100% ක් බවට නිල වශයෙන් සනිටුහන් කළේය.
,පසුගිය වසරේ මම මේ අමාත්‍යාංශය බාරගනිද්දි, විදුලිබල අමාත්‍යාංශය කියන්නේ ප්‍රශ්න ගබඩා කරලා තිබුණ අමාත්‍යාංශයක්. පසුගිය මාර්තු මාසයේ ඒ ප්‍රශ්න ගබඩාවේ දොර ඇරිලා, ප්‍රශ්න සියල්ලම එකවර එළියට ආවා. වර්ෂාව හිඟවීමෙන් අපේ ජලවිදුලි උත්පාදනය අඩුවුණා. සම්පේ‍්‍රෂණ පද්ධති ප්‍රශ්න වගේම බෙදාහැරීමේ ගැටළුත් මතුවුණා. ඒ වගේම රටේ විදුලි ඉල්ලූමත් 10% කින් 15%කින් වර්ධනය වුණා. උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන්. කෙටිකාලීන, මධ්‍ය කාලීන විසඳුම් ලබාදෙමින් අපි ඒ ප්‍රශ්න ගබඩාව ක්‍රමානුකූලව වහලා දැම්මා. අද අපි මේ කරන්නේ ඒ ප්‍රශ්න ගබඩාව ස්ථීරවම වසා දමන්න දිගුකාලීන විසඳුම් ලබාදීමක්. වර්ෂාව නැතිවුණ අවස්ථාවේ අපි සම්ප්රධායිකව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට බාරයක් වුණා. ඒ බාරය වෙලා දින දෙකෙන් අපිට වර්ෂාව ලැබුණා. අද උදැසන අපි ඒ බාරය ඔප්පු කළා. ඒ ආකාරයෙන් සෑම අංශයකින්ම විසඳුම් අපි සොයාගනිමින් සිටින්නේ. ජලය නැති කාලයට විදුලිය නිපදවන්නේ කොහොමද, ඒ සඳහා සුදුසුම බලශක්ති ප්රභවය මොකක්ද, අවම පරිසර හානියක් සිදුවන බලශක්ති ප්රභවය මොකක්ද, මේ හැමදේකටම වැඩියෙන් පාරිභෝගිකයාගේ පොකට්ටුවට ලාභදායි වෙන්නේ කොහොමද යනාදි වශයෙන් විසඳුම් සොයන්න අපි කටයුතු කරනවා. මේ වෙද්දි අපේ ජලාශ සියල්ලක්ම වාගේ 80% ක මට්ටමකට ජලයෙන් පිරිලා තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී කිසි\ු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ, යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය