නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ කිසිදු අයුරකින් වාහන අවභාවිතයක් සිදුකර නොමැති බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට තමා සූදානම් බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද(24දා) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වාහන අවභාවිත කළ බවට ලසන්ත අලගියවන්න මහතාට ඊයේ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මහතා චෝදනා කළ අතර, ඔහු අත්අඩංගුවට ගතයුතු බවද පවසා සිටියේය.
තමා නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ වාහන තුනක් පමණක් පෞද්ගලික කාර්යමණ්ඩලය වෙනුවෙන් ලබාගත් අතර, ඒ සියල්ල ලිඛිතව ලබාගත් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එසේ නොමැතිව එම වාහන ඥාතීන් කිසිවෙකුට ලබාදී නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
වර්තමානයේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමා කටයුතු කළද ඒසඳහා හිමි නිල රථයද භාවිතයට ගෙන නොමැති බවද අලගියවන්න මහතා පැවසීය.
මේසම්බන්ධයෙන් තමා මේවනවිටද අදාළ අංශ වෙත ප්‍රකාශ ලබාදී ඇති බවත්, ඉදිරියේදීද අවශ්‍යනම් ප්‍රකාශ ලබාදීමට තමා සූදානම් බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.