(VIDEO)ක්‍රිකට් ලොවම හඩවා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් තම අතිජාත මිත්‍රයාගේ නික්මයාමේ සංවේදී බව ඩේවිඩ් වෝනර් අද (06ද) නැවත වරක් තම ක්‍රීඩා ලෝලීන්ට මතක්කර දුන්නේය.
පසුගිය නොවැම්බර් මස ෂේෆීල්ඩ් ෂීල්ඩ් කුසලාන ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සවුත් ඔස්ට්‍රේලියා සහ නිව් සවුත් වේල්ස් කණ්ඩායම අතර සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයකදී පිල් හියුස්, සවුත් වේල්ස් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ෂේන් ඇබොට්ගේ බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් මිය ගිය අතර, ඒ වන විට ඔහු ලකුණු 63 ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර අද (06දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී වෝනර් ලකුණු 63 ක් රැස්කිරීමෙන් පසු හියුස් පන්දුව වැදීමෙන් බිඳ ඇද වැටුණු ස්ථානය වෙතගොස් එම ස්ථානය සිපගත්තේ නැවත වතාවක් තම අතිජාත මිත්‍රයා සමස්ත ක්‍රිකට් ලෝකයටම මතක් කරමිනි. එමෙන්ම වෝනර් හියුස් වෙනුවෙන් මෙම ක්‍රීඩාංගණයෙහි නිර්මාණය කර තිබෙන සමරු ඵලකයද ස්පර්ශකර ක්‍රීඩාංගණයට පැමිණීමටද අමතක නොකළේය.