උතුරු ප්‍රදේශයට ආවේණික ශාක වර්ග අන්තර්ගතවන ලෙස උද්භිද උද්‍යානයක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා අද ට පැවසීය. ඒ අනුව එය කිලිනොච්චිය ආශ්‍රිතව ඉදිකරීමට නියමීතය.
තවද අවිස්සාවේල්ල සිතාවල තෙත්කලාපීය උද්භිද උද්‍යානය, 2014 වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර ජනතා අයිතියට පත්කරන බවද අමාත්‍යවරයා පැවසීය. සිතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය කොළඹ අගනගරයට ආසන්නව ඉතා කෙටි කලකින් ළඟාවිය හැකි උද්‍යානයක් වන අතර දෙස් විදෙස් සංචාරකයින්ට මෙම උද්‍යානයෙන් අලුත් අත්දැකීමක් ලබාගැනීමේ හැකියාව උදාවනු ඇත.