උපදේශකවරුන් 62 ක් ළඟ තබාගෙන රාජ්‍ය මුදල් විනාශ කිරීම පිළිබඳව මහා පරිමාණ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කරන බව දූෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.
උපදේශකවරයෙකුට රුපියල් 50,000 ක ගෙවීම් පිළිබඳව හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා නඩු පවරා තිබෙන බවත්, මේ නිසා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට නඩු 62ක වුවත් පැවරිය හැකි බවද අද (24දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
උපදේශකවරයෙකුට රුපියල් 50,000 ක් ගෙවීම් නීතිවිරෝධී වීම නිසා ඔහුට නඩු පවරා තිබෙන බවත්, මේ නිසා උපදේශකවරුන් 62ක් ළඟ තබාගෙන මහජන මුදල් අවභාවිත කිරීමක් නීතිවිරෝධී ක්‍රියාවක් බවද පවසා සිටියේය.
මේ පිළිබඳව වහා සොයා බලන ලෙසට පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස ඉල්ලා මේ සතියේදී දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කරන බවද හෙතෙම සඳහන් කළේය.