කිඹුල් ප්‍රහාරයකට ලක්වූ සිතුල්පව්වේ ගැමුණු සුව අතට
සිතුල්පව්ව විහාරස්ථානය ආසන්නයේ පිහිටි දක්ෂිණ වැවෙහි දිය නාමින් සිටියදී කිඹුල් ප්‍රහාරයකට ලක්වූ%ගැමුණු^ නමැති දළ ඇතා යහපත් සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන බව වනජීවී පශු වෛද්‍ය අංශ පවසයි.
පසුගිය 06 වැනිදා එම ඇතා කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වූ අතර, ඇතාට අවශ්‍ය සියලු පශු වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදීමට වනජීවී අංශ කටයුතු කර තිබිණි.
වනජීවී නිලධාරීන් විසින් 'සිතුල්පව්වේ අර්ජුන' නමින් හඳුන්වන 'ගැමුණු'දළ ඇතා දිනපතා සිතුල්පව්ව විහාරස්ථ භූමිය ආසන්නයේ තිබෙන දක්ෂිණ වැවෙහි දියනෑමටපුරුදුව ඇතැයි සිතුල්පව්ව රාජමහා විහාරාධිපති මැටරඹ හේමතරන හිමියෝ පැවසූහ.
අප කළ විමසීමකදී ඌව මධ්‍යම කලාප භාර ප්‍රධාන වනජීවී පශු වෛද්‍ය නිලධාරී ඩබ්.ඒ. ධර්මකීර්ති මහතා පැවසුවේ, ඇතාට මේ වනවිට අවස්ථා කිහිපයක්ම ප්‍රතිකාර ලබාදුන් බවත්, ඇතාගේ සෞඛ්‍යය තත්ත්වය යහපත් බැවින් ඉදිරියේදී ප්‍රතිකාර කිරීම අවශ්‍ය වන්නේද යන්න සොයාබලා කටයුතු කරන බවත්ය.
අත්කඳුරේ ජනත්ද සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

