පසුගිය වසරේ 2014 නොවැම්බර් මස 27 වනදාට යෙදී තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මහවිරු දිනය නිමිත්තෙන් එම සංවිධානයේ මියගිය සාමාජිකයින් පිරිසක් සිහිකිරීම පිණිස පහන් දැල්වීමේ සිද්ධියක් සමිබන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් ප්රාදේශිය සභා මන්තී්ර රවිහරන් ඊයේ (05දා) මුලතිවු පොලීසියට කැඳවා පැය හතරක කාලයක් ප්රශ්න කොට ඇත.
ප්රාදේශීය සභා මන්ත්රී වරයා පොලීසියට පැමිණ අදාල පහන් දැල්වීම පිළිබඳව පවසා ඇත්තේ එදින තමන් පහන් දල්වන ලද්දේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පිරිසක් සිහිකිරීම පිණිස නොව තම පවුලේ ඥාතියෙකු එම කාලවකවානුවෙදී මියයාම නිසා පහන් දල්වමින් සිහිකල බවයි.
මෙහිදී මුලතිව් පොලීසිය එම කටඋත්තරයෙන් සෑහීමකට පත්වී නොමැති අතර එම දිනයේදී මියගියේ යැයි කියන තැනැත්තාගේ තොරතුරු හා විස්තර ලබාගෙන තවදුරටත් පරීක්ෂණ මෙහෙයැවීමට තීරණය කර තිබේ.