ජාතික විගණන පනත කඩිනමින් ගැසට් කරන ලෙසට ජනාධිපති ලේකම්වරයාට නියෝග කරන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් අද (29දා) ලිඛිතව ඉල්ලා සිටි බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
ඉන්පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් සම්මත කරන ලෙසටත් ඉල්ලා සිටි බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
පනත ජනවාරි 08 වන දින ගැසට් කරනු ඇතැයි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූ බවත් මීට අමතරව පනත මේ මාසය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්විය හැකි බවට කථානායක කරු ජයසූරිය මහතාද ඉඟිපළ කළ බවද පවසා සිටියේය.
එහෙත් 2016 සැප්තැම්බර් මාසයේදී නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවූ පනත තවමත් ගැසට් කර නොමැති බවද ඔහු සඳහන් කළේය.