කැෆේ සංවිධානය සර්ව සම්පූර්ණ නිවැරදි සංවිධානයක් නොවන බවත්, එය ස්වාධීනව කටයුතු නොකරන අතර කඩේ යන සංවිධානයක් බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
&කැෆේවලට පේන්නෙ සන්ධානයේ වැරදි විතරද? කැෆේ කියන්නෙ සර්ව සම්පූර්ණ නිවැරදි සංවිධානයක් නොවෙයි. ඒක කඩේ යන සංවිධානයක්* යනුවෙන් අද (07දා) ශ්‍රී.ල.නි.ප. මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.