අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැළණි ගෙඟ් ජල මට්ටම ඉහළ යාම නිසා සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස පැවසීය.
ජලාශ කිහිපයක් පීටාර ගැලීම ආරම්භ කර ඇති බැවින් කැලණි ගඟ ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ද දැනුම්දී තිබේ.
කැලණි ගඟ ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ද ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දෙයි