පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කැසිනෝ පනත් තුනට එරෙහිව කොළඹ දිස්ත්‍රික් (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංවිධාන කරන විරෝධතා ව්‍යාපාරය අද (24 දා) පෙරවරුවේදී කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකරනු ලබන කැසිනෝ මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.
පක්ෂය ගත් තීරණයකට අනුව ක්‍රියාත්මක වන මෙම විරෝධාතාවට මහා සංඝරත්නය හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් මුල් අවස්ථාවේදී සහභාගී කරගැනීමටද තීරණය කර තිබේ.