කැලණිය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා සිය තනතුරෙහි වැඩ බාරගන්නා ලදී.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 20 වැනිදා සිට නව උප කුලපතිවරයා පත්කොට තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු ලෙස දීර්ඝකාලයක් සේවය කර ඇති මද්දුම බණ්ඩාර මහතා එහි අංශාධිපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබේ.
දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති වශයෙන් හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අධ්යක්ෂ ජෙනරාල්වරයා වශයෙන්ද ඔහු කටයුතු කරමින් සිටී.
මහනුවර, මයිලපිටිය මහා විදුහලේ හා තලාතුඔය හේවාහැට මධ්‍ය මහා විදුහලේ ආදි සිසුවකු වන මද්දුම බණ්ඩාර මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබාගෙන තිබේ.