කැලණිතිස්ස තාප බලාගාරයේ කුඩා ගෑස් ටර්බයිනයක හදිසි ගින්නක් ඊයේ රාත්රියේ (22 දා රාත්රී) හටගෙන ඇති බව වාර්තාවේ. බලාගාරයේ පවතින මෙගාවොට් 20ක පමණ ධාරිතාවකින් යුත් කුඩා ටර්බයිනයක මෙම ගින්න හටගෙන තිබේ. මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතු වූ කුඩා ටර්බයිනයේ ක්රියාකාරිත්වය ද මේ වන විට අක්රිය කිරීමට බලාගාරයේ ඉන්ජිනේරුවෝ කටයුතු කර තිබේ. කෙසේ වෙතත් මෙම ගින්න හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට බලපෑමක් නොවන බව ද ප්රකාශ වේ.