යහපාලන ආණ්ඩුවේ කැබිනට් සංශෝධනයක් ගැන සාකච්ඡා වෙමින් තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු පවසන්නේ ජනතාව මෙන්ම ආණ්ඩුව කැබනට් සංශෝධනයක් අවශ්‍ය බව සිතන බවයි. එසේම වත්මන් රජය 2020 තෙක් බලයේ සිටින බවත් ඔහු පැවැසුවේ ඊයේ (03දා) කොළඹදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.