කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීරණ දැනුම් දීම සඳහා බදාදා දිනයන්හි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවත්වන මාධ්‍ය හමුව අද (08දා) බොහෝ වේලාවක් ප්‍රමාද විය.
කැබිනට් මාධ්‍ය හමුව සඳහා ප්‍රකාශකයන් තිදෙනෙක් එක්වෙයි. ඒ අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, රාජජිත සේනාරත්න හා ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ය.
කෙසේ වෙතත් විනාඩි 45ක් පමණ ඔවුහු මාධ්‍ය හමුව පැවැත්වෙන ස්ථානට නොපැමිණියහ. මේ හේතුවෙන් එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් දැඩි අපහසුතාවකට පත්විය.