කැනඩාවේ මුස්ලිම් පල්ලියක සිදුවූ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කැනඩාවේ, කියුබෙක් නගරයේ පිහිටි පල්ලියක මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඉරිදා රාත්‍රියේදීය. එම අවස්ථාවේදී, පුද්ගලයන් 40ක් පමණ ඒ තුළ සිටි බව එහි ප්‍රධාන පූජකවරයා පවසා තිබේ.
මෙම පල්ලිය අසල මේ වනවිටත් පොලිස් ආරක්ෂාව තර කර ඇති අතර, වෙඩි තැබීම සඳහා තුවක්කුකරුවන් තිදෙනෙකු සම්බන්ධ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
කියුබෙක් පොලීසියද වෙඩි තැබීම තහවුරු කරමින් පවසා තිබුණේ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත්, වෙඩි තැබීම පිළිබඳව මෙතෙක් වැඩිදුර තොරතුරු ලබාදී නොමැති බවද විදෙස් වාර්තා පවසයි.
මෙම ප්‍රහාරය සිදුකිරීමට පැමිණි තුවක්කුකරුවෙකු වෙඩි ප්‍රහාර එල්ල කරමින් අල්ලාහු අක්බර් (දෙවියන් ශ්‍රේෂ්ඨයි) යනුවෙන් කෑමොර දුන් බවද සිද්ධිය ඇසින් දුටුවෙකු මාධ්‍ය වෙත පවසා තිබේ.
ඇමෙරිකාව තුළ ඉස්ලාම් අන්තවාදය ඉවත් කිරීම සඳහා එරටට සරණාගතයන් පැමිණීම වළක්වාලමින් ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝග පැනවීමත් සමග කැනඩා ජනපති ජස්ටින් ටෘඩෝ සරණාගත අයිතීන් වෙනුවෙන් අදහස් දැක්වූයේ ඊයේ දිනයේදීය. එවැනි වාතාවරණයක මෙම වෙඩි තැබීම සිදුවීම විශේෂත්වයක් බවද විදෙස් වාර්තා පවසයි.