ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහා පෙට්‍රල් මිලදීගැනීමේ කාලීන කොන්ත්‍රාත්තු තුනක් අහෝසි කිරීම වත්මන් තෙල් අර්බුදයට හේතු වී ඇතැයි අනාවරණය වී තිබෙන බවඛනිජ තෙල් සංථාවේආරංචිමාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සඳහා පෙට්‍රල් මිලදී ගැනීම වෙනුවෙන් වන කාලීන කොන්ත්‍රාත්තු තුන අවලංගු කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේය.
ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කාලීන කොන්ත්‍රාත්තු අවලංගු කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.
පෙට්‍රල් සඳහා වන කාලීන මිල කොන්ත්‍රාත් තුන අහෝසි කිරීමේදී සංස්ථාව සතු ගබඩාවල ඇති අත්‍යවශ්‍ය තොග සංචිත නිසි ලෙස තිබුණාද, නැද්ද යන්න පිළිබඳ මේ වනවිට ඉහළම පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිඑම ආරංචිමාර්ග සඳහන්කළේය.
ඛනිජ තෙල් අර්බුදය පිළිබඳ සොයා බලා විසඳුම් සෙවිමට ආචාර්ය සරත් අමුණුගම, පාඨලී චම්පික රණවක හා අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගෙන් යුතු කැබිනට් අනුකමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව මේ වනවිට තෙල් පිරිපහදුව වෙත ගොස් මූලික පරීක්ෂණ ආරම්භ කර තිබේ.