ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වූ ගැඹුරු මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවත්, එම ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන බවත්, මෙහිදී සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70ක් 80ක් දක්වා ඉහළ යා හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අද (08දා) රාත්‍රී 8.00 සිට මෙම තත්ත්වය ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර, ඉදිරි පැය 12ක කාලයක් දක්වා මෙම අනතුරු ඇඟවීම වලංගුවේ.