රාජ්ය සේවයේ කාර්මික නිලධාරීන් 1200 ක හිඟයක් පවතින බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.
රාජ්ය සේවා (සිවිල්/ විදුලි/ යාන්ත්රික) කාර්මික නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මාලන් සේරසිංහ මහතා සඳහන් කළේ, මේ පිළිබඳව පැවැති රජයන්වලට සහ වත්මන් රජයටද කොතෙකුත් දැනුම්දීම් කළද ඊට නිසි විසඳුමක් නොලැබුණු බවයි.
රාජ්ය සේවයට කාර්මික නිලධාරීන් නිසි පරිදි බඳවා ගැනීමේ ක්රමවේදයක් නොමැතිකමින් ක්ෂේත්ර‘යේ පළපුරුදු හා පුහුණුව ලැබූ පිරිස් පෞද්ගලික අංශයට යොමුවන බවද ඔහු පැවසීය.
මේ වනවිට රාජ්ය සේවයේ සිටිනුයේ කාර්මික නිලධාරීන් 3500-4000 ක් අතර පිරිසක් පමණක් බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.