පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීමට අයවැයෙන් සහන ඉල්ලා තිබියදී නව බද්දක් ලෙස කාබන් බද්ද හඳුන්වා දීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවාවට තවත් බරක් පැටවී තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව කුඩා මෝටර් රථවලට බදු ලබාදීම හේතුවෙන් දැනට තිබෙන මාර්ග තදබදය තවත් උග්‍ර වන බවද අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමය සඳහන් කළේය.
මේ අනුව මෙවර අයවැය පොදු ප්‍රවාහන සේවය ගැන නොසිතා ඉදිරිපත් කළ එකක් බවද පවසා සිටියේය.
අයවැය තුළින් පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත්, එහෙත් අමතර බදු මුදලක් ගෙවීමට බස් හිමියන්ට සිදුව තිබෙන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේය.