කාබන් බද්ද අයකිරීම පමාවන ලකුණු
අයවැයෙන් යෝජනා කළ වාහන සඳහා 2017 වසරේ සිට අයකිරීමට නියමිත කාබන් බද්ද අය කිරීම සම්බන්ධයෙන් වූ උපදෙස් හා ක්රමෝපායන් මෙතක් ලැබී නොමැති බවත්, ඒ අනුව කාබන් බද්ද අයකිරිම පමාවනු ඇති බවත් මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහනේ ව්‍යාපෘති අධ්යක්ෂ ඒ.ඩබ්. දිසානායක මහතා පැවසීය.
වාහනවලින් කාබන් බද්දක් අයකිරීම 2017 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක කරන බව මුදල් ඇමතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසූවද කොළඹ නගරයේ ස්ථාන දහඅටක වායුගෝලයේ තිබූ ෂල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මේ වනවිට අඩුවී ඇති බව පැවසූ දිසානායක මහතා, වාහන වායු විමෝචන පරීක්ෂා කිරීම ඊට හේතුවක්වූ බවද පෙන්වා දුන්නේය.
යෝජිත කාබන් බද්ද, වායු විමෝචන බද්දට එකතු කිරීම ගැටලුවක් බවත්, වායු විමෝචන ප්‍රවර්ධන වැඩපිළිවෙළ නව කාබන් බදු යෝජනාව හා සම්බන්ධ නොමැති බවද ඒ මහතා පවසා සිටියේය. එය 2000 වසරේ සිට අරඹනු ලැබුවේ පැරිස් සම්මුතිය අනුව බවද හෙතෙම සඳහන් කළේය.
පසුගිය වසරේ වාහන ලක්ෂ හය හමාරකට වැඩි ප්‍රමාණයක් දුම් පරීක්ෂණය ලක්කර ඇති බව පෙන්වා දුන් ව්‍යාපෘති අධ්යක්ෂවරයා, එය 2015 වසරට වඩා ඉහළ අගයක් බවද පැවසුවේය. මේ වනවිට දිවයින පුරා වාහන දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන 384ක් පිහිටා ඇතැයිද හෙතෙම පවසා සිටියේය.
අජිතලාල් ශාන්ත උදය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

