සෞදි අරාබි රාජ්‍යයේදී ගල් ගසා මරා දැමීමට නියමව සිටි කාන්තාවගේ පෞද්ගලික තොරතුරු අනාවරණය නොකිරීම සම්බන්ධව මාධ්‍යවලට ස්තූතිය පළකරන බවත්, ඇය මෙරට පැමිණි පසුවද ඒ පිළිබඳව හෙළිනොකරන ලෙස ඉල්ලා සිටින බවත් සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේදී අද (24දා) සවස පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
මෙම මාධ්‍ය හමුව අතරතුරදී රාමනායක මහතාට සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්ජින් තාසින් මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු අතර, එහිදී තානාපතිවරයා සඳහන් කළේ, මෙම කාන්තාව මරණ දඬුවමින් නිදහස් කළ යුතු බවට සෞදි අධිකරණයේ විනිසුරුවන් තිදෙනෙකු විසින් නියෝග කර තිබෙන බවයි. එහෙත් මේ දක්වා එම අධිකරණ නියෝගය තමා අතට පත් නොවූ බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකා රජය දැක්වූ රාජතාන්ත්‍රික මැදිහත්භාවය හේතුවෙන් අදාළ ගෘහසේවිකාව මරණ දඬුවමින් නිදහස් කරගැනීමට හැකි වූ බවද අස්ජින් තාසින් මහතා පවසා සිටියේය.