කාත්තාන්කුඩි නගර සභාවේ සේවකයන් 45 දෙනෙකුගේ සේවය තහනම් කර ඇති බව නගර සභාවේ ලේකම් එම්.එස්.එම්.සපී මහතා පැවසීය.
මෙම සේවකයන් අනුමැතියකින් තොරව දේශපාලන බලයෙන් පත්වූ අය බවද ඒ මහතා සඳහන් කර සිටියේය.
මෙම සේවකයන් පසුගිය මාස 12ක සිට පසුගිය 18 වැනිදා දක්වා නගර සභාවේ සේවය කළ අය වන අතර, අදාළ කාල සීමාව තුළදී නගර සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 150ක් මොවුන්ගේ වැටුප් සඳහා වැයවූ බවත් ඒ මහතා සඳහන් කළේය.
මඩකලපුව - ජවුෆර්කාන්