ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාද යාත්‍රාව සිදුකරන මහනුවර -මාවනැල්ල අතර ප්‍රදේශයේ පිහිටි සියලු පොදු ක්‍රීඩාංගණ, සම්බන්ධීකරණ ලේකම්වරුන් සහ උපදේශකයන් විශාල පිරිසක් ළඟ තබාගෙන සිටින සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තනතුරක් දරන ඇමතිවරයෙකු විසින් වෙන්කරගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කොළඹ අද (26දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එවැනි ක්‍රියාවලින් පාගමනට බාධාවක් එල්ල නොවන බවයි. ජූලි 28 වැනිදා මහනුවර සිට මාවනැල්ල දක්වා පාද යාත්‍රාවේ පළමු දිනය පවත්වන බවද ඒ මහතා පැවසීය.