පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ (03දා) විකාශයවූ දේශපාලන විවාද වැඩසටහනකදී එයට දුරකතනයෙන් සම්බන්ධවූ පුද්ගලයකු තමාට අපහාස වන අයුරින් කතාකළ බව සඳහන් කරමින් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඊයේ රාති‍්‍ර 12ට පමණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ අමාත්‍යවරයා පවසන්නේ අදාළ දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසයි. එසේම ඔහුට විරුද්ධව අපහාස නඩුවක් පැවරීමට තමා බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.