ශ්‍රී ලංකාව තුළ අනෙකුත් ආගම් මුල්කරගෙන දේශපාලන පක්ෂ තිබුණද ක්‍රිස්තියානි ආගම මුල්කරගත් දේශපාලන පක්ෂ බිහිකර ගැනීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කළහ.
කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදී අද (05දා) පෙරවරුවේ පැවැති ආගමික සමුළුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
“ජාතිය, ආගම පදනම් කරගත් දේශපාලන පක්ෂ අපේ රටට සුදුසු නෑ. ඒවායින් රට තවත් බෙදෙනවා මිසක්, සංවර්ධනයක් වෙන්නෙ නෑ. දැන් අඩුවෙලා තියෙන්නේ ක්‍රිස්තියානි පක්ෂයක් විතරයි. අපි ඒක කරන්න ඉඩ දෙන්නෙ නෑ. ආගම මුල්කරගත් එවැනි පක්ෂවලට ඡන්දය දීමෙන් සිදුකරන්නේ රටට ද්‍රෝහිකමක් කිරීම පමණයි” යැයි අගරදගුරුතුමා පවසා සිටියහ.