ක්‍රිකට් ක්‍රීඩාව තුළ බලය මධ්‍යගත කරනවාට වඩා පුළුල් පරිපාලනමය ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ට්රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වාදෙයි. ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය තුළ ඉදිරියේදී සිදුකිරීමට යන වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින් ඔවුන් පෙන්වාදෙන්නේ ඒ හරහා යහපාලනයේ මූලධර්ම, ප්රජාතන්ත්රවාදී සහභාගීත්වයේ මූලධර්ම බිඳවැටෙන අතරම ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවන වංචා දූෂණ පිළිබඳ ගැටලු තවදුරටත් උත්සන්න විය හැකි බවයි.
මෙම නව වෙනස්කිරීම් හරහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වැඩි බලතල ප්‍රමාණයක් ඉන්දියාව, ඔස්ට්‍රේලියාවට හා එංගලන්තයට හිමිවීමට නියමිතය. නමුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති ප්‍රතිසංස්කරණ සඳහා පාකිස්තානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව ඇතුළු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සෙසු සාමාජික රටවල් සිය විරෝධය ප්‍රකාශ කර ඇත.