විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරිය ඉල්ලා අස්වී නැති බැවින් හෙට (22දා) සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එහි සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා සඳහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී හෙටවිරෝධතා ව්‍යාපාරයක් පවත්වමින් මෙම කටයුතු ආරම්භ කරන බවයි.
උසස් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය රාජිව් විජේසිංහ මහතා විසින් තවදුරටත් ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය එම තනතුරේ තබාගැනීමට ගෙන ඇති තීරණයට ආචාර්යවරුන්ගේ විරෝධය පළව ඇතැයිද ඔහු කීය.