ප්රතිඵල නිකුත් වී අවසන් වූ කළුතර දිස්ත්රික්කයේද සන්ධානයට එක් ආසනයක් අඩුවී තිබේ. 2009 වසරේදී කළුතර දිස්ත්රික්කයෙන් ඔවුන්ට ආසන 14 ක් හිමි වූ අතර, මෙවර හිමිවූයේ ආසන 13කි. එක්සත් ජාතික පක්ෂයට 2009 වසරේදී ආසන 5 ක් හිමි වූ අතර, මෙවර එය 06 දක්වා වැඩිකරගෙන තිබේ.
ප්රජාතන්ත්රවාදී පක්ෂය මෙවර ආසන දෙකක් හිමිකරගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණ එක් ආසනයක් හිමිකරගෙන තිබේ. 2009 වසරේදීද ඔවුන් එක් ආසනයක් හිමිකර ගත්තේය.