කළුතර දිස්ත්‍රික්කයේ පවතින පානීය ජල ගැටළුව විසඳීම සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ ජාතික ජල සම්පාදන මණ්ඩලය එක්ව දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි පැවසෙයි.
අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කළු ගඟේ ජලයට ලවණ මිශ්රවීම නිසා වාද්දුවේ සිට අලුත්ගම දක්වා වෙරළ ආශ්රිත ප්‍රදේශවල පවුල් 65000කට පානීය ජල අවශ්‍යතාවය මතුව ඇත.
මේ යටතේ හඳුනාගත් ස්ථාන 273ක ජල ටැංකි ස්ථාපිත කර ඇති අතර දිනකට ජල ලීටර් 28,8000ක් බෙදා හැරේ. මේ සඳහා බවුසර් 13ක් යොදවා ඇත. අවශ්‍ය වුවහොත් තවත් ජල බවුසර් යෙදවීමට ආපදා කළමනාකරණ ඒකකය සූදානමින් සිටියි.
මීට අමතරව පෞද්ගලිකව ජල ටැංකි තබා ඇති කළුතර,අළුත්ගම වැනි නගරවල කඩසාප්පු හා ව්‍යාපාරික ස්ථාන සඳහා ද පානීය ජලය සපයන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ කාර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකා රජයේ නිළ පුවත් වෙබ් අඩවිය ඇසුරෙනි.