කළු මුහුදට වැටුණු රුසියානු යානයේ ෆ්ලැප් අක්‍රීය වෙලා?
කළු මුහුදට කඩා වැටුණු රුසියානු හමුදා මගී ප්‍රවාහන යානයේ තටුවල සවිකර ඇති ෆ්ලැප් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම යානය අනතුරට පත්වීමට හේතුව බව එහි ප්‍රධාන කළු පෙට්ටියේ දත්ත නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වී තිබේ.
ගුවන් යානයක් ඉහළට එසවීම සඳහා උපකාරී වන තටු දෙකෙහිම වූ ෆ්ලැප් එකවර නිසියාකාරව ක්‍රියාත්මක නොවී ඇති බව රුසියානු ඉන්ටර්ෆැක්ස් නිවුස් ඒජන්සිය පවසයි.
එහිදී, නියමුවාට පාලනය කරගත නොහැකි ඇලයකින් යානය ගමන් කර ඇති අතර, ප්‍රධාන කළු පෙට්ටියේ හඬ පටය පරීක්ෂා කිරීමේදී "The flaps, hell... !" යනුවෙන් කාර්ය මණ්ඩලයේ අවසන් වචන කිහිපය පැහැදිලිව ඇසී ඇති බවද සඳහන් වෙයි.
තරමක් යල් පැන ඇති ගුවන්යානා මාදිලියක් ලෙස සැලකෙන Tu-154 යානය පසුගිය ඉරිදා දිනයේදී පුද්ගලයන් 92 දෙදෙනකු සමග කළු මුහුදට කඩා වැටුණේ, සෝචි ගුවන් තොටුපොළෙන් පියාසර කිරීම ආරම්භ කර විනාඩි දෙකකට පසුවය.
මෙම යානයේ රුසියානු හමුදාවේ ඇලෙක්සැන්ඩ්‍රොව් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් 64 දෙනෙකුද ගමන් කරමින් සිටියේ, සිරියාවේ සිටින රුසියානු හමුදාවන් වෙනුවෙන් නව අවුරුදු උදාව දා ප්‍රසංගයක් පැවැත්වීම සඳහාය.
එමෙන්ම, මියගිය පිරිස අතර, රුසියාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ වෛද්‍ය ග්ලින්කා ද විය.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

