කහවත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබිමේ සිද්ධියට අදාළව තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු අද (07දා) රත්නපුර රෝහලේදි ජීවිතක්ෂයට පත්ව තිබේ.
කහවත්ත, වැල්අඳුරවත්ත ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ශාන්ත දොඩංගොඩ නැමැති පුද්ගලයා මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිම සඳහා අධිකරණ නියෝග ලබා දී ඇති නියෝජ්‍ය මාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර සහ අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනිම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බවත් පොලිස් මූලස්ථානය කියයි.