කහවත්ත කොටකෙතන කාන්තා ඝාතනයට සම්බන්ධ ඩී.එන්.ඒ. රටා සැසඳුණු 35 හැවිරිදි සැකකරු ලබන 29 තෙක් රිමාන්ඩ්ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්රාත්වරයා අද (15දා) නියෝග කළේය.
අතුරුගොඩ ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නමැති මෙම සැකකරු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
කහවත්තේ ඝාතන හයක ඇති ඩී.එන්.ඒ. රටා සැකකරුගේ ඩී.එන්.ඒ. රටා හා සැසඳෙන බව බොරැල්ල ජීන්ටෙක් ආයතනය පැල්මඩුල්ල මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මලිති පෙරේරා - රත්නපුර