ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ ප්‍රධානියා වන මහින්දරත්න කහඳගමගේ මාර්තු 20 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
එම සම්මේලනයේ ලේකම් චානක අශෝක හෙට්ටිආරච්චි හා භාණ්ඩාගාරික ලක්ෂ්මේන්ද්‍ර කුමාර ද සිල්වා රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප හා රුපියල් ලක්ෂ 50 ක ඇපකරුවන්ගේ ඇපය මත මුදාහරින ලෙස ද නියෝග කළ අතර දැඩි ඇප කොන්දේසි මත මුදාහළ ඔවුනට මහේස්ත්‍රාත් නියෝග කළේ ඔවුන්ගේ කාර්යාලයටද ඇතුළු විය නොහැකි බවයි.