පිටකොටුව බෝගස අසල කහ ඉර මතින් පාර මාරුවෙමින් සිටි ගැබිනි කතක් සිය මෝටර් රථයේ හප්පා, මරණයට පත්කර රටින් පැනගොස් සිට යළි ලංකාවට පැමිණි පසු රිමාන්ඩ් භාරයට ගෙන සිටි පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියා ඇප මත මුදාහැරීමට කොළඹ රථවාහන උසාවියේ මහේස්ත්රාත්වරයා (22දා) නියම කළේය.
මියගිය තැනැත්තිය හෝ පවුලේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ලබාදීමෙන් අනතුරුව ලිලාන් පියසේන නමැති මෙම සැකකරු ඇප මත මුදාහැරීමට මහේස්ත්රාත්වරයා නියම කළේය.
රුපියල් 25,000/= ක මුදල් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත සැකකරු මුදාහැරීමට නියම කළ මහේස්ත්රාත්වරයා, ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කර ඔහුගේ විදේශ ගමන් බලපත්රය අධිකරණය භාරයට ගත්තේය.
සැකකරු වෙනුවෙන් නීතීඥ පවිත්රිකා ප්රනාන්දු මෙනවිය සහ නීතීඥ නිරෝෂන් පෙරේරා මහතා සමග ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියහ.