කැලණි ගඟට කැළි කසල හා අපද්‍රව්‍ය බැහැර කිරිම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවන් 07 දෙනෙකු පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (03දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරියන් පොලිස් ඇප මත මුදවා හැර ඇති අතර 7දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස දැනුම් දි ඇත.