මීට වසරකට ප්‍රථමව මේ රටේ අඳුරු යුගයක් පැවැති බවට සමහරුන්ට අමතකවි තිබෙන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
මන්නාරමේ පැවැති සන්ධාන රැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කෙළේය.
එසේම අමාත්‍යවරුන් පත්කරන්නේ එක් ආගමකට හෝ ජාතියකට සේවය කිරීමට නොව බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුටම සමානව සේවය කළ යුතු බවත් ජනපතිවරයා පැවැසීය.
කිසිවෙක්ත් පැති මාරු කළත් තමන් නිරතුරුම ජනතාවගේ පැත්තේ බවත් ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය.