කිසිවෙකු බලපෑම් කළත් උතුරේ කඳවුරු ඉවත් නොකරනබව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසීය.
"උතුරේ හමුදා කඳවුරු ඉවත්කරන්න කියා විවිධ බලපෑම් කරනවා. කිසිවෙකු බලපෑම් කළත් උතුරේ කඳවුරු ඉවත් කරන්නෙ නැහැ. උතුරේ පමණක් නොවෙයි කොළඹත් මීටර් පනහෙන් පනහට හමුදා කඳවුරු තිබෙනවා"
ඊයේ (04දා) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති කැබිනට් තිරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.