මෙවර බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා තරග කළ කලාකරුවන් අතරින් කලාකරුවන් 07 දෙනෙකු පළාත් සභාවට තේරීපත්ව ඇති අතර, තවත් කලාකරුවන් හය දෙනෙකුට පරාජය භාරගැනීමට සිදුව තිබේ.
නලීන් ප්‍රදීප් (ප්රජාතන්ත්රවාදී පක්ෂය), ගීතා කුමාරසිංහ (සන්ධානය), රොජර් සෙනෙවිරත්න (සන්ධානය), රවින්ද්‍ර යසස් (ප්රජාතන්ත්රවාදී පක්ෂය), උදාර රත්නායක (එක්සත් ජාතික පක්ෂය), අරුණ දීපාල් (ප්රජාතන්ත්රවාදී පක්ෂය) සහ රොඩ්නි ෆ්රේසර් (එක්සත් ජාතික පක්ෂය) බස්නාහිර හා දකුණු පළාත් සභාව වෙනුවෙන් මන්ත්‍රී ධුර හිමි කරගෙන තිබේ.
ජගත් බෙනරගම (ප්රජාතන්ත්රවාදී පක්ෂය), අනර්කලී ආකර්ෂා (සන්ධානය), මධුමාධව අරවින්ද (සන්ධානය) සුගත් අප්පුහාමි (එක්සත් ජාතික පක්ෂය), නදීෂා හේමමාලි (එක්සත් ජාතික පක්ෂය) සහ ඩයනා ගමගේ (එක්සත් ජාතික පක්ෂය) මෙවර පළාත් සභා මැතිවරණයේදී පරාජය වූ කලාකරුවෝ වෙති.