පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කරුණාරත්න පරණවිතාන මහතා අද (04) පෙරවරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. කරුණාරත්න පරණවිතාන මහතා මීට පෙර කටයුතු කළේ පළාත් පාලන සහ පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.