කරුවලගස්වැව පොලීසියේ හතරකට වැඩ වරදියි
කරුවලගස්වැව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු වහාම ක්රියාත්මක වන පරිදි වනාතවිල්ලුව, සාලියවැව, පල්ලම සහ කල්පිටිය යන පොලිස් ස්ථාන වෙත ඊයේ (30දා) රාත්රියේ සිට මාරුකර ඇති බව වාර්තා වේ.
අදාළ පොලිස් නිලධාරීන් සිවුදෙනා පසුගියදා (28දා) රාත්රියේ කරුවලගස්වැව පොලිස් ස්ථානයේ සිට කිලෝමීටරයකට ආසන්න දුරකින් යුත් පාර්ලිමේන්තු මන්ත්රී පාලිත රංගේ බණ්ඩාර මහතාට අයත් හෝටලය ආසන්නයේ මාර්ග බාධකයේ රාජකාරියට යොදවා තිබුණද, 29 වැනිදා අළුයම රංගේ බණ්ඩාර මහතාගේ හෝටලයට වෙඩි ප්රහාර එල්ල වනවිට මාර්ග බාධකයෙන් ඉවත්ව පොලිස් බැරැක්ක තුළ නිදාගෙන ඇතැයි මූලික පරික්ෂණවලින් සනාථ වී තිබේ.
අදාළ ස්ථාන මාරු ලැබූ නිලධාරින් සිවුදෙනා මෙම මාර්ග බාධකයේ රාජකාරි පැහැරහැරියද කරුවලගස්වැව පොලීසියේ රාජකාරියේ නිරතව සිටියදී විශේෂ වැටලීම් රැසක් සිදුකරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දැවැන්ත කාර්යභාරයක නිරත වූ බවද සඳහන් වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

